පවතින අර්බුදකාරී අවස්ථාවේ බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.
BBC පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමග වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය වැරදි බවයි.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව එම ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර දක්වා ඉහළ යායුතු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍ය අලි සබ්රි BBC පුවත් සේවය සමග පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.