අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ වේදිකා සහ කූඩාරම් කිහිපයක් පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමෙන් පසු ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධතාකරුවන් කණ්ඩායමක් නව කූඩාරම් සමග අගමැති කාර්යාලය ඉදිරිපිට මයිනාගෝගම ලෙස හඳුන්වන විරෝධතා ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ නවතම කූඩාරම් හා ආවරණ කිහිපයක්ද සහිතවයි.
මේ වන විට පෙරටත් වඩා සාර්ථකව එම ස්ථානයේ විරෝධතාවය වැඩි පිරිසකගේ දායකත්වයෙන් අරඹා තිබෙනවා.
විරෝධතාකරුවන්ගේ සටන් පාඨ අවම කිරීම සඳහා අධික ශබ්දයෙන් යුතුව පිරිත් වාදනය කිරීම තවදුරටත් අරලිය ගහ මන්දිරය තුලින් ත්රියාත්මකයි. (ජායාරූප – සමාජ මාධ්‍ය තුලින්)