ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමඟ අද පැවති හමුවකදී මෙම තීරණයට එළඹ තිබුණා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා සමඟ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වූ බවයි
ඒ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල, විමල් වීරවංශ ඇතුළු ස්වාධීන මන්ත්‍රීවරුන් සංකල්පමය එකඟතාවකට පැමිණ ඇති බවද ඔහු පැවසුවා
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ආණ්ඩු පක්ෂයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද තහවුරු කළා
ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියා