ජවිපෙ දූෂණ අනාවරණ ප්‍රකාශයට මෛත්‍රීගේ විරෝධය /තමන්ට එල්ල කළ චෝදනා බොරු බව කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහි දැක්වෙන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පවුලේ උදවිය හට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් යම් කොටසක් බෙදාදුන් බවට දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවය.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඉදිරියේදී මෙම ද්වේශසහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ ලිපියෙන් දැනුම්දී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකර තිබුණි.

 

පුවත යවන්න