අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.
ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.
ප්රශ්නය – අග්‍රමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තුවේ දී අගමැතිකමින් ඉවත්වෙන බවට කටකතාවක් යනවා. එහි සත්‍යතාවය කුමක් ද?
“එහෙම තීරණයක් නෑ. අගමැතිවරයා රටේ තියෙන ගැටලු පිළිබඳ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ආර්ථික, මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ ගැටලු සම්බන්ධවත්. එය බොහෝවිට හෙට හෝ අනිද්දා දිනයේ සිදුකළ හැකියි.”