වෘත්තිය සමිති 2000 ක් එක්ව අද (09) රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.
රජයට විරෝධය පලකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි.
මේ අතර මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවා.
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ සඳහා රාජ්‍ය පෞද්ගලික, අර්ධ රාජ්‍ය, වතු, වරාය, රෝහල්, තැපැල්, දුම්රිය ඇතුළු සියලු වෘත්තීය සමිති එක්වන බවයි.
එම වැඩවර්ජනය වත්මන් රජය ඉවත්වනතුරු අඛණ්ඩව දියත්කරන බවද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.