ජනාධිපති ඉවත් වුණොත් අගමැති ධූරය භාර ගන්නවා / සජිත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නේ නම් තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ඇතුළු දේශපාලන පක්ෂවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී මෙම අදහස් පළ කර තිබුණා.

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම වැඩිදෙනා යෝජනා කර ඇතත් ඔහු ඉල්ලා ඇත්තේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරන්නේ නව රජයක් පිහිටුවීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.

පුවත යවන්න