රට සෑම අතින් ම අසීරුවට පත්ව ඇති මෙම අවස්ථාවේ, රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.
එලෙස ම අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමේ දී අග්‍රාමාත්‍යවරයා විසින් පහත කොන්දේසි වෙත අවධානය යොමු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරුන් එම ලිපියේ සඳහන් කරනවා.
ඒ අනුව,
1.සමස්ත ජනතාවගේ ඉල්ලීම වන #gotagohome යතාර්ථයක් කරනු පිණිස ඔබ විසින් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනිමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද ? ඒ සදහා නිශ්චිත දින සහ වකවානු කවරේ ද ?
2.රාජපක්ෂවරු රැකිමට කොළඹට පැමිණ රට ලේ විලක් කළ රාජපක්ෂ කලහාකාරීන්ට මෙන්ම ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙනුවෙන් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග මොනවාද ?
3.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුලු ප්රජාතන්ත්රවාදී කාරණා කඩිනම් කිරීම.
4.රට අරාජික වීමට මූලාරම්භය වූ සහ අසමත් පාලනයක් මේ රට තුල බිහිවීමට බලපෑ පාස්කු කුමන්ත්‍රණයට සම්බන්ධ වූ චූදිතයින්ට එරෙහිව කඩිනම් නීතිමය පරීක්ෂණයක් පැවැත්වීම, වැරදි කරුවන්ට දඩුවම් කිරීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ අවශ්‍ය නම් අපක්ශපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම .
5. මෙරට අරාජිකත්වයට පත්වීමට හේතු වූ මුල්‍යමය සහ අනෙකුත් වංචාවන්ට සම්බන්ධ වූ රාජපක්ෂවරු සහ ඔවුනට සම්බන්ධ සියලු ම පුද්ගලයින්ගෙන් එම මුදල් අය කර ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
6. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලු ම ක්ෂේත්‍ර උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.
7. රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම ඇතුලුව අනීතික සහ අසාධාරණයට ලක් වූ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් පිලිබදව ගන්නා වූ තීරණයන්.
ආදිය සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවත්, එකී කොන්දේසිවලට අනුකූලව අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් අග්‍රාමාත්‍යවරයාට සහය පල කිරීමට සූදානම් බව අදාළ මන්ත්‍රීවරුන් සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබුණා.