ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් පැය 5ක ප්‍රකාශයක්

අරලියගහ  මන්දිරය  ඉදිරිපිට හා ගාලුමුවදොර  දී   ඉකුත් (9) දින  ඇති වු    කළහාකරි සිද්ධිය  සම්බන්ධයෙන්  හිටපු  අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24)  පැය. 5  අධික කාලයක්  ප්‍රශ්න කර  ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබු දැනුම් දීමකට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරු 10.15  ට පමණ එහි පෙනී සිටියේය.

ප්‍රකාශ ලබා ගැනීම සදහා ඊයේ (23) දින ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණ ද ඔහු ඊයේ එහි පැමිණි සිටියේ නැත.

මෙම ප්‍රශ්න කිරීම පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු පස්වරු. 2.30  ට පමණ ඉන් පිටව ගොස් ඇත.

ජෝන්සටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවට පැමිණ ඇති බවට සැලවීමත් සමග   අරගලභූමියේ සිටි තරුණ පිරිසක්  පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉදිරි පිටට පැමිණ  ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට  ඉල්ලමින් විරෝධතාවක නිරත වුහ.

පුවත යවන්න