ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ප්‍රයෝජන ගෙන කච්චතිව් දූපත අත්පත් කර ගැනීමට උත්සාහ කළහොත් එය ලැජ්ජාවට කරුණක් බව උතුරේ ධීවර ප්‍රජාව චෝදනා කර තිබෙනවා.
ධීවරයින්ට ඉන්දීය ආධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් , උතුරේ ධීවර සංගමයේ හිටපු නායක M V සුබ්‍රමනියම් කියා සිටියේ ධීවරයින්ට සහල් හෝ භූමිතෙල් ලබාදී එම ආධාර දේශපාලනීකරණය කිරීමට ගන්නා උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.
එපමණක් නොව, ඔහු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාර්ලින්ගෙන් ඉල්ලා සිටියේ කච්චතිව් අල්ලා ගැනීම නොව සමස්ත ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුමක් යෝජනා කරන ලෙසයි.
ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය සමනය කිරීම සඳහා ඉන්දියාව ආධාර සහ ණය පහසුකම් ලබාදෙන අතර, කච්චතිව් දුපත පවරා ගැනීමට කටයුතු කරන ලෙසයි තමිල්නාඩු මහ ඇමතිවරයා ඉන්දීය අගමැති වෙත දන්වා තිබුණේ.