පවතින අර්බුදය හමුවේ බේකරි 2,000ක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ අහිමී වී ඇති බවයි.
උඳුන් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය ඩිසල් සහ ගෑස් නොමැතිවීම ඊට හේතු වී තිබුණා.