දුමින්ද සිල්වා හදිසියේ අසනීප වෙයි / ජපුර රෝහලට සී අයි ඩී නිලධාරීන් යයි

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු රෝහලට යවා ඇති බවයි නවතම වාර්තා සදහන් කළේ.

දුමින්ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර භාරයට පත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කළා.

මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරමින් මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය වන ලෙස නීතිපතිවරයාට නියෝග කෙරුණා.

දුමින්ද සිල්වාගේ විදේශ ගමන් බලපත්‍රය රාජසන්තක කරමින් අධිකරණය අතුරු නියෝගයක් ද නිකුත් කළා.

පුවත යවන්න