ඇමතින්ට වසරක් යන තුරු වැටුප් එපා කියයි

සියලුම අමාත්‍යවරු වසරක කාලයක් වැටුප් නොගෙන එම ධුරයන්හි කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළා.

“බිලියන 4යි දවසක ආදායම. බිලියන 9.6යි දවසක වියදම. ආදායම වඩා වැඩියෙන් බිලියන 2.4ක් සෑම දවසකම දැරීමට සිදුවීම නිසා ඇතිවෙලා තියෙන දැවැන්ත මූල්‍ය අර්බුදය තුළ මේ කුඩා කැබිනට් මණ්ඩලයක් පත්කරලා, මේ වර්ෂය තුළ දී කැබිනට් මණ්ඩලයට අගමැතිවරයා ඉදිරිපත් කළා කැබිනට් පත්‍රිකාවක් මේ වර්ෂය තුළදී කිසිදු අමාත්‍යවරයෙක් වැටුප් නොලබා අවුරුද්දක කාලයක් සේවය කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබුණා. ඒ නිසා මේ වර්ෂයක කාලය තුළ අපි හැමකෙනෙක්ම රට වෙනුවෙන් බොහෝ ජනතාව කරන පරිත්‍යාගයන් වගේම කිසිදු වැටුපක් ලබන්නේ නැතුව ඇමති වැටුපක් ලබන්නේ නැතුව වසරක කාලයක් තුළ ක්‍රියා කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සියලුම ඇමතිවරු කැමැති වුණා.”

පුවත යවන්න