ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ධම්මික පෙරේරාට මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු වරම් හිමිවුණේ බැසිල් රාජපක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඊයේ ඉවත් වීමට ගත් තීරණයත් සමඟයි.
පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සදහා ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් විසින් ලබාදී තිබුණා.
ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (05) වගන්තිය ප්‍රකාරව ධම්මික පෙරේරා තෝරා පත්කර ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම සදහා මැතිවරණ කොමිසන් සභාව මේ වන විටත් ලිඛිත දැනුම් දීම සිදුකර තිබෙනවා.
මේ අතර ධම්මික පෙරේරා ඔහු යටතේ පැවති සියලූම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ මන්ත්‍රී ධුරයක් දැරීමට යම් නීතිමය බාධාවක් ඇතිවීම වළක්වා ගැනීම සදහායි.