දුම්රිය ගාස්තුව සඳුදා සිට ඉහළට

දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා වන නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලබන ඉරිදා වන එම කටයුතු අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව අදාල ප්‍රදේශයේ බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයක් දක්වා දුම්රිය ගාස්තුව ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

පුවත යවන්න