ඇඳිරි නීතිය පැනවීමට පොලිසියට නීතිමය හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ,ඇඳිරි නීතිය පැනවීමට පොලිසියට ව්‍යවස්ථාපිතව බලය පැවරෙන ප්‍රකාශිත නීතිමය ප්‍රතිපාදන කිසිවක් මෙම අවස්ථාවේ නොමැති බැවින් ,මෙය රජයට එරෙහිව විරෝධතා දැක්වීම සඳහා හෙට රැස්වන ජනතාව අධෛර්යමත් කිරීමට නිකුත් කළ නීති විරෝධී නිවේදනයක් බවයි.
මීගමුව කොට්ඨාසය, කැලණිය කොට්ඨාසය, නුගේගොඩ කොට්ඨාසය, ගල්කිස්ස කොට්ඨාසය, කොළඹ (උතුර) කොට්ඨාසය, කොළඹ (දකුණු) කොට්ඨාසය සහ කොළඹ (මධ්‍යම) කොට්ඨාසය ඇතුළු බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මීට පෙර පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය පියවර ගත්තේය.
මේ අතර මාධ්‍ය නිවේදනයකින් නීති විරෝධී ලෙස ඇඳිරිනීතිය දැමීම සම්බන්ධයෙන් ලබන සතියේ පොලිස්පතිට සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකට නඩු පවරන බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනය කළා.