කිසියම් පුද්ගලයෙකුගේ, දේශපාලන පක්ෂයක හෝ පෞද්ගලික දේශපාලන අපේක්ෂා පසෙකලා මෙම අවස්ථාවේ රටේ යහපත මත පදනම්ව තීරණ ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනතා පරමාධිපත්‍යයට හා අභිලාශයන්ට ගරු කරමින් ප්රජාතන්ත්රවාදී වටිනාකම් ආරක්ෂා කරමින් මන්ත්‍රීවරුන් මෙම භාරදූර කටයුත්ත ඉටුකරනු ඇති බවට නීතිඥ සංගමය විශ්වාසය පළකරනවා. රට ව්‍යාකූලත්වයට පත්කිරීම වැළැක්වීම හා සමාජ දේශපාලන ආර්ථික ස්ථාවර තත්ත්වයට පත්කිරීමට මන්ත්‍රීවරුන් සෑම ආකාරයෙන්ම කටයුතු කළ යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.