ගාලු මුවදොර අවට සාමකාමී විරෝධතාකරුවන්ට අද (22) අලුයම හමුදාව විසින් එල්ල කරන ලද ප්රහාරය ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම තරයේ හෙළා දැක තිබේ.
මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දෙන මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්රියාමාර්ග ගන්නා ලෙසයි.
ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්ය පාලනය තුළ ක්රියාත්මක වන කිසිදු ක්රියාමාර්ගයක් අනාගතයේ කිසිදාක සිදු නොවන බවට සහතික වන ලෙස මානව හිමිකම් කොමිසම රජයෙන් ඉල්ලා සිටී.