රන්ජන්ට සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (29) ඉල්ලා සිටියේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම ඉල්ලීම අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා කටයුතු සම්පාදක අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියේය. එවිට එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා දන්වා සිටියේය

පුවත යවන්න