ගතවූ සතියේ කොරෝනා මරණ 33ක්

ගත වූ දවස් හතක කාලය තුළ සිදුවූ කොවිඩ් මරණ තිස්තුනෙන් දසදෙනකුම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් පුද්ගලයන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ පවසයි.

මේ වනවිට දෛනිකව කොවිඩ් මරණ හතරක් පමණ වාර්තා වෙයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කොවිඩ් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවත් එම නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ මාත්‍රාවන් නිසි ලෙස ලබා ගන්නා ලෙසත් වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දෙයි.

විශේෂයෙන් නිදන් ගත රෝග ඇති පුද්ගලයන් සහ වයෝවෘද්ධ පුද්ගලයන් කොවිඩ් එන්නතේ වර්ධක මාත්‍රාව ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අවධාරණය කළේය.

මේ වනවිට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන වර්ධක මාත්‍රාව පුද්ගලයන් අටලක්ෂ අසූහත් දහස් දෙසිය අසූහයදහසක් (8087286) සහ දෙවන වර්ධක මාත්‍රාව පුද්ගලයන් එක් ලක්ෂ හැටදහස් හත්සිය පනස් නවයක් (162759) ලබාගෙන තිබේ.

පුවත යවන්න