හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියේය.
ඒ මහතා ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය.
මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය.
පසුව ඔහු තායිලන්තය බලා ගියේය.