කැනඩාවේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට

කැනඩාවේ සිදුවූ පිහි ඇනුම් කිහිපයකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මධ්‍යම කැනඩාවේ සස්කැච්වන් ප්‍රාන්තයේදීයි මෙම පිහි ඇණුම් සිදුව ඇත්තේ. පිහි ඇනුම් හේතුවෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලීසිය නිවේදනය කරනවා. පිහි ඇනුම් සිදුකළ පුද්ගලයින් දෙදෙනා ඩේමියන් සැන්ඩර්සන් හා මයිලස් සැන්ඩර්සන් හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වනවා.  ආයුධ සන්නද්ධ ඔවුන් දෙදෙනාගෙන් ප්‍රවේශම් වන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. සස්කැච්වන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සිද්ධිය බිහිසුණු හා හද කම්පා කරවන බව එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

පුවත යවන්න