විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය ඉහළට

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළා.

ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279 ක් වූ විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325 ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ. මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සදහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.

පුවත යවන්න