2022 ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී මෙරට නිෂ්පාදන හා සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළයෑමක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී රෙදිපිළි, ඇඟලුම් නිෂ්පාදන සහ ඇණවුම්වල වර්ධනයක් වාර්තාකර ඇති අතර ආහාරපාන නිෂ්පාදන අංශය ජූලි මාසයේ පැවති අගයන්හිම නොවෙනස්ව පැවති බව සඳහන්ය.
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 49.6ක් දක්වා වර්ධනයවී ඇති අතර එය පසුගිය ජුලි මාසයට සාපේක්ෂව දර්ශකාංක 8.2ක ඉහළයෑමකි.
සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඛණ්ඩව මාස 4ක් පහත වැටීමෙන් පසුව අගෝස්තු මාසයේදී දර්ශක 51.7 දක්වා වර්ධනය වී තිබේ.
එය පසුගිය ජූලි මාසයට සාපේක්ෂව දර්ශකාංක 8.7ක ඉහළයෑමකි.
ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා, දේපළ වෙළෙඳාම, ප්‍රවාහන සහ අනෙකුත් පෞද්ගලික සේවා යන උප අංශවල ඉහළයෑමත් සමග ජූලි මාසයට සාපේක්ෂව මෙලෙස අගොස්තු මාසයේදී නව ව්‍යාපාර වර්ධනය වී ඇතැයිද මහ බැංකුව පවසයි.
මේ අතර මේ වසර තුළ සංචාරකයින් මිලියනයක් දිවයිනට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.