පාකිස්තානයේ පොලිස් රථ කිහිපයකට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ පොලිස් නිල රථ කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පාකිස්තානයේ ක්වෙටා ප්‍රදේශයේ පෝලියෝ එන්නත් වැඩසටහනක් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර වයස අවුරුදු හතරක ගැහැණු දරුවෙකු හා කාන්තාවක්ද සිටිනවා.

පුද්ගලයින් විසිහතර දෙනෙකු  තුවාල ලබා ඇති බවද සදහන්. පාකිස්තාන තලෙයිබාන් ලෙස හැදින්වෙන තාරික් ඊ තලෙයිබාන් පාකිස්තාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ සිට ක්‍රියාත්මක සටන් විරාමය අවසන් බවට මීට දින දෙකකට පමණ පෙර ප්‍රකාශයට පත් කෙරුණු අතර ඉන් අනතුරුවයි මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ.

පුවත යවන්න