චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වූ ජියැන්ග් සෙමින් (Jiang Zemin) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 96 වැනි වියෙහි පසු විය. ඔහුට ලියුකේමියාව ඇතුළු තවත් රෝගාබාධ කිහිපයක්ම පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ජියැන්ග් සෙමින්, වර්තමාන චීන ජනරජය ගොඩ නැගීමට මහඟු සේවයක් ඉටු කළ ඔහු, චීනය ගෝලීය ආර්ථිකය වෙත වීවෘත කළ නායකයා ලෙසද සැලකේ.
1993 සිට 2003 වසර දක්වා චීන ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු, චීන කොම්යුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ලෙස ද කටයුතු කළේ ය.