හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ABCDEFGHIJKLPQRSTUVW යන කලාපවල විදුලිය කප්පාදු කෙරෙන බවයි.
ඒ අනුව සවස් කාලයේදි පැයක් සහ රාත්රී කාලයේදී පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.