පුද්ගලයින් 72 දෙනෙකු රැගත් නේපාල ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු පමණ මියයන්නට ඇතැයි සැක පළ කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරට පත් වන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 68 ක් සහ කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු එහි සිට තිබේ.
මගීන් අතර ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඉන්දියාව, රුසියාව, අයර්ලන්තය, චීනය සහ දකුණු කොරියාව යන රටවල විදේශිකයින් සිටින බවත්, විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කත්මන්ඩු සිට පොකාරා නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොකාරා ගුවන්තොටුපොළට ගොඩබෑමට කිලෝමීටර් 2ක් පමණ ආසන්නව තිබීය දී අනතුර සිදු වී ඇති බව ය.