ආහාර හිඟ රටවල් අතර ලංකාව තවත් ඉදිරියට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් 06වෙනි ස්ථානයට පත්ව ඇත.

ගියවර දර්ශකයේ 74%ක ආහාර උද්ධමනයක් සහිතව ශ්‍රී ලංකාවට 07වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 64%ක් දක්වා පහළ වැටී තිබේ.

ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

පුවත යවන්න