රජයේ රෝහල් රෝගීන්ගෙන් පිරෙයි

පෞද්ගලික රෝහල් වල ගාස්තු හා ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් රෝහල් වල බාහිර ප්‍රතිකාර ඒකක වල සහ සායන වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.

රෝහල් වල පවතින ඖෂධ හිඟය හේතුවෙන් එලෙස පැමිණෙන රෝගීන් ද අපහසුවට පත්වන අවස්ථා ද ඇති බව රෝගීන් සඳහන් කාරයි.

මේ වන විට පවතින ජීවන වියදම ඉහළ යාම නිසා පිටතින් ඖෂධ මිල දී ගැනීමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් රෝගීන් වැඩිදුරටත් පවසයි.

පුවත යවන්න