ඩීඑස් සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක් – වියදම් ගැන ජනපති කතා කරයි

75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නේය.

ඒ නිදහස් සමරුව සම්බන්ධයෙන් නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“සමහර ඇස්තමේන්තු ගැන මම පුදුම වුණා. ඩී එස් සේනානායක මහතාට මල්මාලා දාන්න රුපියල් 97,000ක්
එජාපයෙන් කරද්දි වියදම් කළේ මල්මාලාවලට විතරයි. මම දන්නේ නැහැ රුපියල් 97,000 ක් වුණේ කොහොමද කියලා. ජාතික ගීය ගයන්න රුපියල් ලක්ෂ 18ක් ඉල්ලලා. අපි නම් ඉස්සර කළේ. ප්‍රවාහන දීමනා සහ ආහාර දුන්නා. ලේකම්තුමා මේ වියදම් ගැන බලන්න ඕනේ.”

පුවත යවන්න