නයිජීරියාවේ සිදු වූ ඩ්‍රෝන බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි.
ප්‍රහාරය සිදුව ඇත්තේ නසරාවා ප්‍රාන්තයේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ නසරාවා ප්‍රාන්තයේ එඬේරුන් පිරිසක් ඉල්ලක කර ප්‍රහාරය එල්ල කර ඇති බවයි. එම ඩ්‍රෝන යානය “රුකුබි” නමැති ගම්මානය ඉලක්ක කර ඇති බවද බලධාරීන් සඳහන් කරයි.
මේ වන විට ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.