ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
සභාපති නොමැතිවීමෙන් පක්ෂයට හානියක්වී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වැඩපිලිවෙලද සකස් කර අවසන් බවත් ඡන්ද පෙට්ටි ගණන් කරනකොට ජයග්‍රහණය කර ඇත්තේ කවුදැයි දැකගත හැකිවනු ඇති බවත් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.