ට්‍රම්ප් අද අත්අඩංගුවට ගැනීමට සූදානම්

සත්‍ය වසන් කිරීම සදහා කාම චිත්‍රපට නිළියකට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද අත්අඩංගුවට ගැනීමට නියමිත බව හෙළිකර තිබෙනවා.
හිටපු ජනපතිවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පෙර නිව්යෝර්ක් පොලිසිය ආරක්ෂාව තර කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සදහා ආධාරකරුවන්ට විරෝධතා සිදුකරන ලෙස දැනුම්දී තිබිම මේ සඳහා බලපා තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ වොෂින්ටන්හී පැවති විරෝධතාවයකට සහභාගී වූයේ ට්‍රම්ප් ආධාරකරුවන් සීමිත පිරිසක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
මුල්වරට හිටපු අමෙරිකානු ජනපතිවරයකු අත්අඩංගුවට ගැනීම ඉතිහාසයට එක්වන සිද්ධියක් වන අතර 2016 දී ස්ටෝමි ඩැනියල්ස්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග් විසින් කරන ලද පරීක්ෂණය මේ සඳහා සලකා බලන බවයි හෙළිකර තිබුණේ.

මෙම නීතීඥයා ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු සභිකයකු වන අතර එය දේශපාලනික මට්ටමේ පියවරක් බවට ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබුණා.

පුවත යවන්න