නීති ප්‍රවේශ විභාගය ඉංග්‍රීසියෙන් පමණක් ගැසට් කළ යෝජනාව පරදී

නීති විද්‍යාල විභාග ඉංග්‍රිසී භාෂාවෙන් පමණක් පැවැත්වීමට ඉදිරිපත් වී තිබූ ගැසට් නිවේදනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකින් බහුතර ජන්දයෙන් පරාජයට පත්වුණා.

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට ගැසට් නිවේදනයක් මීට පෙර නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් මතුවූ වාද විවාද මැද මෙම ජන්ද විමසීම සිදුකර තිබෙනවා.

පාර්ශව ගණනාවක් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඒ තුළින් විශාල සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවන බැවින් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි.

මේ අනුව, අදාළ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට එක් ඡන්දයක් හිමිවූ අතර, ඊට විරුද්ධ ඡන්ද 113 ක් හිමිවුණා.

පුවත යවන්න