මෙරට වාණිජ බැංකුවලට අනුව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල යලි ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය අඟහරුවාදා රුපියල් 320.27 සිට රුපියල් 308.70 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය රුපියල් 343 සිට රුපියල් 330 දක්වා අඩු වී තිබුණා.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය අඟහරුවාදා රුපියල් 314 සිට රුපියල් 311 දක්වා අඩු වී ඇති අතර විකුණුම් මිල රුපියල් 336 සිට 330 දක්වා අඩු වී තිබුණා.
මේ අතර සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු 310ක් සහ විකුණුම් මිල රුපියල් 325 දක්වා අඩු වී තිබුණා.