චීනය හා රුසියාව අතර ආරක්ෂක සහයෝගිතාවය අඛණ්ඩව වර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.
රුසියාවේ සංචාරයක නිරත වූ චීන ජනපති ෂී ජින් පින් , රුසියානු ජනපති විලැද්මීර් පුටින් සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී මේ බව දැනුම් දී තිබුණා.
බටහිර බලපෑම් හා අවදානම් මැඩලීම හා නව ගෝලීන බල අනුපිලිවෙලක් සඳහා සෑම අංශයකින්ම සහයෝගීතාවය තර කරන බවයි මෙහිදී ප්‍රකාශ කළේ.
මෙම සංචාරයේ දී යුක්රේන යුද්ධය පිළිබද මූලික අවධානයක් යොමුවුවද අවසන් යෝජනාවලියේ ඒ පිළිබද කිසිදු අදහසක් ඇතුලත් කර නොතිබීම විශේෂත්වයක්.
චීනය ඉදිරිපත් කළ කරණු 12ක සාම සැලැස්ම අමෙරිකාව හා යුක්රේනය ප්‍රතික්ෂේප කළ අතර රුසියානු ජනපතිවරය කියා සිටියේ සාමය සඳහා යුක්රේනයට අමෙරිකාවේ අවසරය හිමි නොවන බවයි.