ජල සම්පාදන වෘත්තීය සමිති අද එක්දින වැඩ වර්ජනයක

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය අද එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, කාර්යාල සේවා, පාරිභෝගික සේවා කිසිවක් අද සිදු නොවන බවයි.

එමෙන්ම අයකැමි කැෂියර් වසා තබන අතර බිල්පත් නිකුත් කිරීම හා ගැනීම් කටයුතු ද සිදු නොකරන බව සඳහන්.

බිඳ වැටීම් කිසිවක් අලුත්වැඩියා සිදු නොකිරීම හේතුවෙන් යම් යම් ස්ථානවල ජල සැපයුම අඩාලවීමේ අවදානමක් පවතින බව ද ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද 15 වැනි දිනටත් වැඩ වර්ජනයක නිරත වනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බණ්නැහැක මහතා පැවසුවේ, බදු ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සමග සාකච්ඡාව මේ වන තෙක් ලබා දී නොමැති බවයි.

පුවත යවන්න