සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව දේශපාලන කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් මූලික අධියරේ සාකච්ජා මේ වන විට ආරම්භ වී තිබෙනවා.
සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා මුණ ගැසී සාකච්ජා පැවැත්වූ බවයි.
එහිදී වික්රමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් සුබවාදී අදහසක් පල කළ බවයි හරීන් ප්රනාන්දු මහතා පැවසුවේ.
ඒ අනුව එක්ව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ඉදිරියේ දී සාකච්ජා පැවැත්වීමට නියමිතයි.
මේ සදහා රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් උචිතම පුද්ගලයා ලෙසයි හරීන් ප්රනාන්දු මහතා පවසන්නේ.
ඒ අනුව වත්මන් රජයට එරෙහිව ක්රියාත්මකවීම සඳහා පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ එක් අධියරක් ලෙසයි මෙම සාකච්ජා ක්රියාත්මක වන්නේ.