අමෙරිකාව 3වන ලෝකයේ රටක් විය හැකියි / ට්‍රම්ප් කියයි

අසත්‍ය චෝදනා මත තමන් අත්අඩංගුවට ගතහොත් අමෙරිකාව දැඩි විනාශයකට මුහුණ දෙනු ඇති අතර 3වන ලෝකයේ රාජ්‍යයක් බවට පත්විය හැකි බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය ආධාරකරුවන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපදය දුර්වල හා ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් සහිත රාජ්‍යයක් බවට පත්කරන බවයි.

නිව් යෝර්ක් හි මැතිවරණ ප්‍රචාරක මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ අවදානමකට ලක්ව සිටින ට්‍රම්ප් 2024 මැතිවරණයට පෙර සිය පළමු ප්‍රචාරක රැලිය ටෙක්සාස් ප්‍රාන්තයේ වාකෝ හිදී පවත්වනු ලැබුවා.
දහස් ගණනක ජනතාවක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ තමාට එරෙහි චෝදනා – මෙන්ම 2021 ජනවාරි 6 වැනි දින කැරලිකරුවන්ට නඩු පැවරීම – ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණ බවයි.

බයිඩන් පාලන තන්ත‍්‍රය ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය බලාත්මක කිරීමට තැත් කිරීම ද දේශපාලනික අපේක්ෂා මත සිදුකරන බව දැනුම් දී තිබෙනවා.

පුවත යවන්න