Skip to content
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව අද උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නිවේදනය කළා.
එහි ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කළේ, මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා බලධාරීන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවුණු බවයි.
මේ අතර සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් ද දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීයවේදීන් රැස්වී සාකච්ඡා කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළා.