ගිනි ගන්නා ප්‍රංශයේ ,කැබිනට් මණ්ඩලය හදිසියේ කැඳවයි

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව තවත් වැඩ වර්ජන හා විරෝධතා හා ගැටුම් උත්සන්නවීම සමග ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය අමාත්‍ය මණ්ඩලය කැදවා තිබෙනවා.
විශ‍්‍රාම වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීම ඇතුළු මතභේදාත්මක නීතීන් සම්මත කිරීමට එරෙහිව ජනවාරි මැද භාගයේ සිට විරෝධතා ආරම්භ වූ අතර එය මේ වන විට ගැටුම්කාරී තත්ත්වයක් කරා ගමන් කර තිබෙනවා.
නවතම මත විමසුම්වලට අනුව ප්‍රංශ ආණ්ඩුව හා ජනපතිවරයා දැඩි මහජන අප්‍රසාදයකට පත්ව සිටින අතර මෙය වෙනස් කළ නොහැකි තත්ත්වයක් බවයි ප්‍රංශ වාර්තා සදහන් කළේ.
මෙම නියමයන් ඉවත් කිරීම ප්‍රංශ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ අතර වෘත්තීය සමිති හා සංවිධාන සමග සාකච්ජාවට සූදානම් බව දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් වෙනස්කම් ඉවත් කරන තුරු විරෝධතා නිමා නොකරන බවයි විරෝධතාකරුවන් සදහන් කළේ.

පුවත යවන්න