දෙවුන්දරතුඩුවේ රේඩාර් සවි කරන්න චීනයෙන් ඉල්ලීමක්

මෙරට දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියන් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබෙනවා.

එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව එමගින් සදහන් කළා.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව වාර්තා කර තිබුණා.

මෙම රේඩාර් පද්ධතිය පිහිටවනු ලැබුවහොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය බවත් දැනුම් දී තිබෙනවා.

මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙසයි නම් කර ඇත්තේ.

පුවත යවන්න