බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ B117 ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ලල,බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව අනාවරණ කර තිබෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවයි.
මෙම වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් BBC ය ඊයේ වාර්තාවක් පළ කළ අතර එහි දැක්වුණේ ඉදිරියේදී වැඩිම තර්ජනයක් එල්ල කළ හැකි වෛරස ප්‍රභේදය මෙය බවයි.
ඒ එම ප්‍රභේදයට වඩා ඉක්මනින් ව්‍යාප්තවීමට පවතින හැකියාව මතයි.
මෙම ප්‍රභේදය යලි විකෘති විවුහොත් විනාශය බරපතල විය හැකි බවට ද BBC වාර්තාව අනතුරු අඟවා තිබෙනවා.