වසර 5කට පසු මුල්වරට ගිනියාවේ( ගයනා )රාජ්‍යයෙන් ඉබෝලා ආසාදිතයන් 8 දෙනකු හා ඉබෝලා මරණ 3ක් වාර්තාවී තිඛෙනවා.
බී බී සී පුවත් සේවය සදහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයද මේ සදහා යොමුව ඇති බවයි.
හදිසියේ මතුව ඇති මෙම අවදානමට ලක්වූවන් පාචනය , වමනය හා ලේ වහනය ආදී රෝග තත්ත්වයන් පෙන්නුම් කර තිබුණා.
සියයට 66ක මරණ අනුපාතයක් වාර්තාවන ඉබෝලා වෛරසය ලෝකයේ මාරාන්තිකම වෛරසවලින් එකක් ලෙසයි සැලකෙන්නේ.
දැනට වසංගතයක් බවට පත්වූ කොරෝනා වෛරසයේ මරණ අනුපාතය සියයට 5කට අඩු මට්ටමක පවතිනවා.
මේ වනවිට යළිත් කොංගෝවෙන් හා ගයනාවෙන් ඉබෝලා ආසාදිතයන් මතුවෙමින් පවතින අතර එය වසංගත අවදානමක් බවට පත්වීම වළක්වා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණයි.
වවුලන් ,චිම්පන්සි ආදී සතුන්ගෙන් මෙම වෛරසය ලෝකයට ලගාවූ බවට විශ්වාස කෙරෙනවා.
දැනට මේ වෙනුවෙන් එන්නත් කිහිපයක් නිපදවා ඇතිඅතර එහි අනාගත විකෘති ප්‍රභේද පිළිබදව බිය පළකිරීමටයි විද්‍යාඥයන් කටයුතු කර ඇත්තේ.