ඉන්දියාව හා චීනය අතර ගැටුම් හටගත් ලඩක් ආශ්රිත දේශසීමාවේ ඉදිකර තිබූ චීන හමුදා කදවුරු සියල්ල ඉවත් කරගෙන තිඛෙනවා.
ඒ දෙරට විසින් දේශසීමා සම්බන්ධයෙන් සාකච්ජාවලදී ඇති කරගත් එකගතාවයෙන් පසුවයි.
මෙම සාකච්ජාවලින් පසු එහි රදවා තිබූ යුධ ටැංකි 200ක් හා සන්නද්ධ රථ 100 ක්ද චීනය විසින් පසුපසට රැගෙන ගොස් තිබුණා.
මේ අතර අද දිනයේ ඉන්දීය හමුදා ලබාගත් චන්ද්රිකා ජායාරූපවල එහි පැවැති චීන කදවුරු නොපවතින බවයි නිවේදනය කෙරුණේ.
ඒ අනුව දිනක් වැනි කෙටි කාලයක් තුල , එම කදවුරු අතහැර චීන හමුදා පිටත්ව ගොස් තිබුණේ කදවුරු තිබූ බව හදුනාගැනීමට ද අපහසු වන ආකාරයෙන් ඒවා විනාශ කරමිනුයි.
මේ පිළිබද අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය ඉන්දියාව හා චීනය අතර දේශසීමා අර්බුධය සමනය කරන මූලාරම්භය විය හැකි බවයි.
එහෙත් ඒ පිළිබද අනාවැකි පළ කිරීමට ඉක්මන් නොවිය යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.