ලංකාවට සම්බාධක දාන්න හැදුවොත් රුසියාවෙන් චීනයෙන් නිෂේධ බලය / ඇමති ගොඩහේවා කියයි

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට සම්බාධක දැමීමේ යෝජනාවක් ඉදිරිපත් වුවද එය කිසිදා ක්‍රියාත්මක නොවන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ එවන් යෝජනාවක් මතුවුවද එය ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ අනුමත විය යුතු බවයි.
එහෙත් ශ්‍රී ලංකාවේ මිත්‍ර බලවත් රටවල් වන රුසියාව හා චීනය නිෂේධ බලය භාවිත කරමින් එම සම්බාධක චෝදනා පරාජය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද ආරම්භ වන අතර ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රතිචාරය අනිද්දා ඉදිරිපත් කිරීමට ද නියමිත වනවා.
එක්සත් රාජධානිය, කැනඩාව, මොන්ටිනීග්රෝ, උතුරු මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර තිබුණා.

පුවත යවන්න