බෝයිං 777 මගී ජෙට් යානා තවදුරටත් භාවිත කිරීම සම්බන්ධයෙන් , අවධානය යොමු කිරීමට අමෙරිකානු ගුවන් පරිපාලනය තීරණය කර තිබෙනවා.
ඒ මගීන් 200ක් සහිතව පියාවර කළ බෝයිං 777 -200 යානයක එන්ජිම ගුවනේදී ගිනි ගෙන යානයේ කොටස් කිහිපයක් පොළවට පතිතවීම සමගයි.
ඒ අනුව බෝයිං 777 යානා රැසකම එන්ජින් මේ යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.
බොහෝවිට යානා කිහිපයක් හෝ පියාසර කිරීමෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවද අමෙරිකානු ගුවන් ආරක්ෂණ පරිපාලනය හෙළිකර තිබුණා.
කොලරාඩෝ ප්රාන්තයේදී මෙම යානයේ එන්ජිම ගිනි ගැනීම වාර්තාවූ අතර ආරක්ෂිතව යානය ගොඩබැස්වීමට නියමුවන් සමත්වුණා.
මීට පෙරද බෝයිං 737 මැක්ස් යානා අනතුරට පත්වීම සමග බෝයිං සමාගම මෙවන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා තිබුණා