2022 වසර තුලදීත් මුහුණු ආවරණ පැළදීම අත්‍යාවශ්‍ය වනු ඇතැයි අමෙරිකාවේ ප්‍රධානතම වසංගත රෝග පිළිබද විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ කොරෝනා ආසාදිතයන්ගේ වේගවත් අවමවීමක් ලෝකය පුරා පැවතියද විකෘතිවූ කොරෝනා ප්‍රභේද හේතුවෙන් අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වනු ඇති බවයි.
මේ වන විට වසංගත අවදානම අවම වන මට්ටමක් පෙන්නුම් කළ ද එය ස්ථිර වශයෙන්ම පැවසීමට මෙතෙක් කල් වැඩි බවයි වෛද්‍ය ඇන්තනි ෆවුචි කියා සිටියේ.
මේ වන විට කොරෝනා එන්නත් ලෝකය පුරා ලබාදෙන අතර එහි ප්‍රගතිය ද කොරෝනා ආසාදිතයන් අවමවීමට බලපා තිබෙනවා.
කෙසේ වෙතත් නව කොරෝනා ප්‍රභේද හා විකෘතීන් වයාප්තවීමත් , එමගින් එන්නත් දුර්වල කිරීමටත් පවතින හැකියාව මත මුව ආවරණ පැළදීම හා ආරක්ෂිත පියවර තවදුරටත් වැදගත් වනු ඇති බවද ඔහු පැවසුවා.
අමෙරිකාවේ පවත්නා තත්ත්වය මත එරට ජනතාවට 2022 වසරත් මුව ආවරණ පැළදීම ස්ථිර වශයෙන්ම අත්‍යාවශය වන බවයි වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කළේ.