ඉන්දියාවේ සෙරම් ආයතනයෙන් පමණක් ශ්‍රී ලංකාව මෙතෙක් කොරෝනා එන්නත් ඇණවුම් කිරීම සම්බන්ධයෙන් පී ටී අයි පුවත් සේවය ලිපියක් පළකර තිබෙනවා.
එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ , ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රසෙනිකා එන්නත් මිලියන 13.5 ක් ලංකාව විසින් ඇණවුම් කිරීම මගින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නත පිළිබද විශ්වාසයක් ඇතැයි තහවුරු වන වන අතරම චීන එන්නත් ඇණවුම් නොකරන බවක් පෙන්නුම් කරන බවයි.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රකාශයක් ද උපුටා දක්වන එම ලිපිය පවසන්නේ, ඇස්ට්රසෙනිකා එන්නත සමග පමණක් එන්නත්කරණය ඉදිරියට ගෙනයාමට ලංකාව තීරණය කර ඇති බවයි.
චීන හා රුසියානු එන්නත් , සම්බන්ධ 3 වන අධියරේ ලේඛන මෙතෙක් සපයා නොතිබීම මත මෙම තත්ත්වය මතුව ඇතැයි ද පී ටී අයි පුවත් සේවය පැවසුවා.
මේ වන විට ඉන්දියාවේ සේරම් ආයතනයෙන් ඇස්ට්රසෙනිකා එන්නත් මිලියන 10ක් හා බ්‍රිතාන්‍යයේ ඇස්ට්රසෙනිකා ආයතනයෙන් එන්නත් මිලියන 3.5ක් ඇණවුම් කිරීමටයි ලංකාව කටයුතු කර ඇත්තේ.
ඉන්දියාව විසින් එන්නත් ලක්ෂ 5ක් පරිත්‍යාග කිරීම පිළිබදවද මෙහිදී සිහිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම එන්නත් ලබාදීමට අපේක්ෂිත කාලයට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවද විශේෂඥයන්ගේ වාර්තා උපුටා දක්වමින් පී ටී අයි පුවත් සේවය වාර්තා කළා.